June 07, 2013

නිහඬ ප්‍රේමවන්තයෝ

නිහඬ ප්‍රේමවන්තයෝ
ආදරයේ සිමා වලට සීමාවක්‌ නැහැ
ලියන්නේ නිරංජන් මීගම්මන













මුල පටන්ම නිශාන්තිගේ ගෙදරින් එයාගෙත් අසංකගේත් ආදරයට අකමැති උනේ අසංකගේ පරම්පරාව හරි නැහැ කියමින්, "උඹට ඔය මිනිහත් එක්‌ක ගිහින් කවදාහරි දුක්‌ තමා විඳින්න වෙන්නේ කියලා හැමදාම එයාල කිවා".

ගෙදරින් කරදර නිසාම මෙයාලත් හමදම රණ්ඩු කලා. නිශාන්ති හැමදාම අසංකගෙන් අහනව ඔයා මට හැමදාම ආදරෙන් ඉන්නවද කියලා. ආසංකට එච්චර ලස්‌සන වචන තිබුනේ නැහැ. හුඟක්‌ වෙලවට අසංක නිහඩව හිටියා. නිශාන්තිට එතකොට තරහ යනවා. ඒත් සමහර වෙලාවට එයාම කියනවා මම ඔයා කවදාවත් දුකක්‌ දෙන්නෙ නැහැ කියල.

වසර දෙකක්‌ ගතඋනා අසංක විශ්ව විද්‍යාලයෙන් පිටවුනේ වැඩිදුර ඉගන ගන්න ජපාන ශිෂ්‍යත්වයකුත් ලබාගන. ජපානයට යන්නට පෙර අසංක නිශාන්තිව හමුවුණා. "මට ලස්‌සන වචන නැහැ කියන්න. මම දන්නේ එකම දෙයයි ඒ මම ඔයට ආදරේ කියලා විතරයි. ඔයා මට ඉඩ දෙනවනම් මගෙ ජීවිතේ පුරාම මම ඔයාව රැක ගන්නවා" අසංක කිව්වා. "ඔයාලගේ ගෙදර අයටත් මේ ගැන කතා කරන්න මම උත්සාහ ගන්නම්". අසංක කිව්වා. "ඔයා මාව බඳිනවද ?" කියලා අසංක අන්තිමේට ඇහුවා. නිශාන්ති කැමති උනා.

අසංකගේත් නිශාන්තිගේත් බලවත් උත්සාහය නිසාම ගෙදර අයත් අන්තිමේදි කැමත්ත දුන්නා. ලඟ ලඟම හිටි යාලුවෝ සහ ලඟම නෑයෝ කිහිප දෙනෙක්‌ගේ සහභාගිත්වයෙන් එයාලා පුංචි උත්සවයකදී විවාහ ගිවිස ගත්තා. නිශාන්තිගේ යාලුවා තාරීණී තමයි හැමදේකටම මුල් උනේ.

අසංක ජපානයේ ඔසාකා විශ්ව විද්‍යාලයට ගියා. ආමාරුවෙන් කාලය ගෙවුනා. එයාල ඊ මේල් වලින්, දුරකථනයෙන්, ලියුම් වලින් ආදරය කලා. කොච්චර දුක උනත් එයලා ඒක විඳගත්තා. ඔය අතරෙදි තමා නිශාන්තිට ලොකු සමාගමක රැකියාවක් ලැබුනේ. එයා ඒක ආසාවෙන් කළා.
ඒත් සමහර වාසනාවන්තයි  කියලා හිතන අයට අවාසනාව එන්නේ හොයාගන වගේ. කාර්යාලයට යද්දී දවසක්‌ නිශාන්ති කාර් එකකට හැප්පුනා. 

නිශාන්ති දෑස්‌ ඇරල බලනකොට ඇය හිටියේ ඉස්‌පිරිතාලේ. අම්මයි, අප්පච්චියි කඳුලු පෙරමින් එයා ලඟ හිටියා. එයා ඇහුවා "මම කොහෙද ඉන්නෙ?" කියලා. ඒත් කටහඬ පිට උනේ නැහැ. එයා කියන දේ කාටවත් ඇසුනේ නැහැ. එයාගේ කටහඩ නැතිවෙලා. දොස්තර කිව්වෙ ආයේ ඔයාට කවදාවත් කතා කරන්න බැරිවෙවි කියලා. "අනතුරින් ස්වර තන්තුවලට හානිවෙලා. සුව කරන්න බෑ" හැම විෂේශඥ දොස්තර කෙනෙක්ම කීවේ එහෙමයි.
නිශාන්ති හොඳටම ඇඬුවා. කටහඬ නැතිව ජීවත්වෙන්න එයාට එපා උනා. එයා සමාජයෙන් ඈත් උනා. කොහේවත් ගියේ නෑ. අම්මලත් එයාට නොපෙනෙන්න ඇඬුවා. නිශාන්ති ගෙදරටම වෙලා දුකම දුක පොත් කියෙව්වා. ඒ හැම කතාවක්ම කොහොම ඉවර උණත් නිශාන්ති ඇඬුවා.














නිශාන්තිට ඕනේ උනේ ලෝකෙන්ම හැංගෙන්න. අම්මලාට කියලා කියලා ගෙවල් විකුණලා එයාලා ඈත පළාතකට ගියා. කිසිම දන්න කෙනෙක් එහේ හිටියේ නෑ. නිශාන්ති අළුත් ජීවිතේට පුරුදු උනේ අන්තර්ජලයෙන් හස්ත භාෂාව ඉගන ගනිමින්. අම්මලාටත් ඒක එයා කියලා දුන්නා. හැමදාම අසංකව මතක් උනත් අමතක කරන්න ඕනේ නිසා කිසිම සම්බන්ධතාවයක් තියාගත්තේ නෑ. එයා ඉන්ටර්නෙට් එකේ හිටියේ රහසිගතව. ෆේස්බුක් ප්‍රොෆයිල් එකත් වහලා දාලා හිටියේ. 

කාලයක් ගෙවුනා. නිසංකාගේ යාලුවා තාරිණී නිසංකාව හොයලා හොයලා අන්තිමේදී දවසක් ගෙදරටම හොයාගන ආවා. නිශාන්ති සතුටු උණා තාරිණී ආපු එකට. ඒත් කතාව පටන් ගන්න කොටම නිශාන්ති තාරීණීට කිව්වේ  අසංක ගැන මුකුත් කියන්න එපා කියලා. ඒ වගේම එයාට වෙච්ච දේ අසංකටත් කිසිසේත්ම කියන්න එපා කියලත් නිශාන්ති කිව්වා. ඊට පස්සේ ඉඳ හිට තාරිණී එයාව බලන්න ආවා පොත් අරගන. ඒත් කවදාවත් නිශාන්තිට අසංක ගැන තොරතුරක් ලැබුනේ නෑ. 

අවුරුද්දකට පස්සේ තාරීණී ආවේ සුදු ලොකු ලියුම් කවරයක් අරන්. ඒක මගුල් ගෙදරකට ආරාධනා පත්‍රයක්. ඒක දිග ඇරපු නිශාන්තිගේ ඇඟ සීතල උනා. කකුල් වෙව්ලුවා. පපුව හිරවුනා. මනමාලයා "රන්කොත් මුදියන්සේලාගේ අසංක ගුණතිලක". අසංක බඳිනවා! එයාට දැනුනේ සතුටක් එක්ක දුකක්. කවුද මනමාලි? ඇය මනමාලිගේ නම කියෙව්වා.  නිශාන්තිගේ ඇස් ආයෙත් උඩගියා. මනාලියගේ නම "මහගම ආරච්චිගේ නිශාන්ති ගොඩමුදුන". පුදුම වෙලා ඇය මනමාලිගේ නම දෙතුන් පාරක් කියෙවිවා. ඒ නිශාන්තිගේ සම්පූර්ණ නම. පුදුම වෙච්ච ඈ ඔලුව උස්සල බැළුවේ තාරීණීගෙන් මොකද්ද මේ වෙන්නේ කියලා අහන්න.

තාරීණී වෙනුවට එයා ඉදිරියේ හිටියේ අසංක. අසංක නිශාන්තිගේ ඇස් දෙක දිහා බලාගන හිනාවෙනවා ඉස්සර වගේ. "නිශාන්ති, මම අවුරුද්දක් ඔයා වෙනුවෙන්ම හස්ත භාශාව ඉගන ගත්තා. ඒ ඔයාට වෙච්ච පොරොන්දුව කවදාකහරි ඉෂ්ඨ කරන්නයි. මම ඔයාට ආදරෙයි! දැන් මට ඔයාගේ කටහඬ වෙන්න දෙන්න" අසංක කිව්වේ හස්ත භාෂාවෙනුයි. ඊට පස්සේ ඔහු වෙන මොකුත්ම නොකියා. නිශාන්තිගේ වම් අත අරගන  මැඳගිල්ලට රන් මුදුවක් දැම්මා. 

නිශාන්තිට මොනවාවත් හිතාගන්න බැරිඋනා. නිශාන්ති කඳුළු ගලන මූණ අසංකගේ පපුවට හේත්තු කරගත්තා. එහෙම ඉඳලා විනාඩි තුනකට විතර පස්සේ ඇය හිස ඔසවා, අසංකගේ මූණ දිහා බැළුවා. කාලෙකට පස්සේ එයා හැමදාම දකින්න පෙරුම්පිරුව අසංකගේ ආදරණිය ඇස්දෙක එයා දැක්කා.  අසංකගේ  ඇස්දෙක දිහා බලාගෙන ඇය මූණ පුරා හිනා උනා.

නිරංජන් මීගම්මන

හැමදාම ලංවෙලා ඉන්න ඕනේ අයට ඈත් වෙන්න හුඟක්‌ උත්සාහ කරන්න වෙනවා. ඒත් බෑ.

Poornima Meegammana

No comments:

Post a Comment

ඔබේ දැනුම එකතු කරන්න