June 12, 2013

අන්තර්ජාල සංගමයෙන් ඇමරිකා රජයේ පුද්ගලික දත්ත එකතු කිරීමට විරෝධය

12 June 2013,



අන්තර්ජාල සංගමය නිකුත් කල නිවේදනයකින් ඇමරිකානු රජය විසින් විශාල ප්‍රමාණයක් අන්තර්ජාල පරිශීලකයින්ගේ දත්ත ඇමරිකානු අන්තර්ජාල හා සන්නිවේදන ආයතන වෙතින් රහස්‍ය හා බුද්ධි කටයුතු ලබාගැනීමට විරෝධය පා ඇත. මෙම දත්ත රැස්කිරීම, රඳවා තබාගැනීම සහ සංස්ලේශණය මගින් අන්තර්ජාලය ගොඩනැගී ඇති මූලික සිදධාන්ත හා එහි පදනමට විශාල හානියක් වන බව අන්තර්ජාල සංගමය පවසයි. මෙය ඇමරිකානු ජනතාවට හා ව්‍යපාර වලට පමණක් නොව ලෝකය පුරා අන්තර් ජාලය භාවිතා කරන සැමටම බලපාන අවාසි සහගත කරැණක් බව ඔවුන් පවසති.

රාජ්‍ය තම පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්‍ෂාව කෙරෙහි ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන අතර අන්තර්ජාලයේ ආරක්‍ෂාව සඳහා වඩා හොඳ ප්‍රවිශ්ඨයන් අවශ්‍යව ඇත. අන්තර්ජාල සංගමය විශ්වාස කරන්නේ නියම ආරක්‍ෂාව ලබාගත හැක්කේ විශාල වපසරියක විහිදුනු විශ්වාසය හා පුද්ගලිකත්වය හා බැඳුනු මූලික මානව අයිතිවාසිකම් කෙරෙහි ගෞරවයකින් කටයුතු කිරීමෙන් බවය. මේ අනුව අන්තර්ජාල සංගමය, අනිකුත් ආයතන සහ පුද්ගලයින් ලොව පුරා රජයන් තම පුරවැසියන්ගේ මූලුක අයිතියක් වන පුද්ගලිකත්වයට බාදා නොවන ලෙස වකටයුතු කිරීම වැදගත් බව අවධාරණය කරයි.

ඇමරිකානු රජය විශ්ව මානව අයිතීන් වෙනුවෙන් කළ කාර්ය භාරය මේ ක්‍රියාව තුලින් ස්වයං ගැටුමකට ලක්වන බව ඔවුන් පවසති.  අන්තර්ජාලය  පුද්ගලයින් හා ආයතන අතර ආරක්‍ෂිත සන්නිවේදන නාලිකාවක් වන අතර අන්තර්ජාතිකව පිළිගත් දත්ත ආරක්‍ෂණය ක්‍රමවේද මගින් ජාල විශ්වාසනීයත්වයද, දේශ සීමා අතර පුද්ගලික දත්ත හුමාරුවද, ස්වයංක්‍රීය දත්ත විශ්ලේශණයෙන් පුද්ගල ආරක්‍ෂාව  පිළිබඳවද දේශසීමා විරහිත පුද්ගලිකත්වය ආරාක්‍ෂා කිරීම අවශ්‍ය බව අවධාරණය කරයි.

දැනට ඇමරිකානු රජය අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ දත්ත එකතු කිරීම ගෝලීය වශයෙන් පුද්ගලිකත්වය පිළිබඳව ප්‍රශ්නයක් මතු කරයි.  මේ අනුව යම් රජයක් තම පුරවැසියන්ගේ පුද්ගලික දත්ත රැස්කර, රඳවා විශ්ලේශණය කරන්නේ නම් ඒ පිළිබඳව පුළුල් හා විවෘත සංවාදයක් කිරීමෙන් පසුව පමණක් ජාතික ආරක්‍ෂාවට අදාල වන පරිදි  එම කටයුතු යෙදිය යුතු බවය. අන්තර්ජාලය ගෝලීය බැවින් මෙවන් කටයුතු වලින් ලෝකයේම අන්තර්ජාල භාවිතා කරන්නන් හට බලපායි.

අන්තර්ජාලයේ ඉදිරි ගමනය, වාණිජ්‍ය හා නව්‍යකරණයට වෙසෙසින්ම බලපාන මෙවැනි කාරණා පිළිබඳ විවෘත හා ගෝලීය සංවාදයක අවශ්‍යතාවය සමාජමය දියුණුව සහ ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරති

http://www.internetsociety.org/news/internet-society-statement-importance-open-global-dialogue-regarding-online-privacy


June 11, 2013

ලමා සොල්දාදුවා : ලංකාවේ හදපු හොලිවුඩ් ගණයේ චිත්‍රපටියක්

ලමා සොල්දාදුවා : ලංකාවේ හදපු හොලිවුඩ් ගණයේ චිත්‍රපටියක් ලමා සොල්දාදුවා කථාවෙන් කියවෙන් ත්‍රස්තවාදී ග්‍රහණයට අසුව අහිංසක ළමයෙකු ළමා සොල්දාදුවකුගේ ජීවන අත්දැකීම්. වඩාත්ම වැදගත් මේ චිත්‍රපටිය හඳපු කංඩායමේ උපරිම වයස අවු 19යි. ලෝක මට්ටමේ ජයග්‍රහණයක් අභියස එයාලා ඉන්නේ. බලන්න, අදහස් දක්වන්න එයාලාට අනාගතයේ වැඩක් කරන්න.

http://www.youtube.com/embed/RIQs5o1CmLY


Official film website
http://childsoldierfilm.blogspot.com/

Facebook Page
http://childsoldierfilm.blogspot.com/

June 07, 2013

නිහඬ ප්‍රේමවන්තයෝ

නිහඬ ප්‍රේමවන්තයෝ
ආදරයේ සිමා වලට සීමාවක්‌ නැහැ
ලියන්නේ නිරංජන් මීගම්මන













මුල පටන්ම නිශාන්තිගේ ගෙදරින් එයාගෙත් අසංකගේත් ආදරයට අකමැති උනේ අසංකගේ පරම්පරාව හරි නැහැ කියමින්, "උඹට ඔය මිනිහත් එක්‌ක ගිහින් කවදාහරි දුක්‌ තමා විඳින්න වෙන්නේ කියලා හැමදාම එයාල කිවා".

ගෙදරින් කරදර නිසාම මෙයාලත් හමදම රණ්ඩු කලා. නිශාන්ති හැමදාම අසංකගෙන් අහනව ඔයා මට හැමදාම ආදරෙන් ඉන්නවද කියලා. ආසංකට එච්චර ලස්‌සන වචන තිබුනේ නැහැ. හුඟක්‌ වෙලවට අසංක නිහඩව හිටියා. නිශාන්තිට එතකොට තරහ යනවා. ඒත් සමහර වෙලාවට එයාම කියනවා මම ඔයා කවදාවත් දුකක්‌ දෙන්නෙ නැහැ කියල.

වසර දෙකක්‌ ගතඋනා අසංක විශ්ව විද්‍යාලයෙන් පිටවුනේ වැඩිදුර ඉගන ගන්න ජපාන ශිෂ්‍යත්වයකුත් ලබාගන. ජපානයට යන්නට පෙර අසංක නිශාන්තිව හමුවුණා. "මට ලස්‌සන වචන නැහැ කියන්න. මම දන්නේ එකම දෙයයි ඒ මම ඔයට ආදරේ කියලා විතරයි. ඔයා මට ඉඩ දෙනවනම් මගෙ ජීවිතේ පුරාම මම ඔයාව රැක ගන්නවා" අසංක කිව්වා. "ඔයාලගේ ගෙදර අයටත් මේ ගැන කතා කරන්න මම උත්සාහ ගන්නම්". අසංක කිව්වා. "ඔයා මාව බඳිනවද ?" කියලා අසංක අන්තිමේට ඇහුවා. නිශාන්ති කැමති උනා.

අසංකගේත් නිශාන්තිගේත් බලවත් උත්සාහය නිසාම ගෙදර අයත් අන්තිමේදි කැමත්ත දුන්නා. ලඟ ලඟම හිටි යාලුවෝ සහ ලඟම නෑයෝ කිහිප දෙනෙක්‌ගේ සහභාගිත්වයෙන් එයාලා පුංචි උත්සවයකදී විවාහ ගිවිස ගත්තා. නිශාන්තිගේ යාලුවා තාරීණී තමයි හැමදේකටම මුල් උනේ.

අසංක ජපානයේ ඔසාකා විශ්ව විද්‍යාලයට ගියා. ආමාරුවෙන් කාලය ගෙවුනා. එයාල ඊ මේල් වලින්, දුරකථනයෙන්, ලියුම් වලින් ආදරය කලා. කොච්චර දුක උනත් එයලා ඒක විඳගත්තා. ඔය අතරෙදි තමා නිශාන්තිට ලොකු සමාගමක රැකියාවක් ලැබුනේ. එයා ඒක ආසාවෙන් කළා.
ඒත් සමහර වාසනාවන්තයි  කියලා හිතන අයට අවාසනාව එන්නේ හොයාගන වගේ. කාර්යාලයට යද්දී දවසක්‌ නිශාන්ති කාර් එකකට හැප්පුනා. 

නිශාන්ති දෑස්‌ ඇරල බලනකොට ඇය හිටියේ ඉස්‌පිරිතාලේ. අම්මයි, අප්පච්චියි කඳුලු පෙරමින් එයා ලඟ හිටියා. එයා ඇහුවා "මම කොහෙද ඉන්නෙ?" කියලා. ඒත් කටහඬ පිට උනේ නැහැ. එයා කියන දේ කාටවත් ඇසුනේ නැහැ. එයාගේ කටහඩ නැතිවෙලා. දොස්තර කිව්වෙ ආයේ ඔයාට කවදාවත් කතා කරන්න බැරිවෙවි කියලා. "අනතුරින් ස්වර තන්තුවලට හානිවෙලා. සුව කරන්න බෑ" හැම විෂේශඥ දොස්තර කෙනෙක්ම කීවේ එහෙමයි.
නිශාන්ති හොඳටම ඇඬුවා. කටහඬ නැතිව ජීවත්වෙන්න එයාට එපා උනා. එයා සමාජයෙන් ඈත් උනා. කොහේවත් ගියේ නෑ. අම්මලත් එයාට නොපෙනෙන්න ඇඬුවා. නිශාන්ති ගෙදරටම වෙලා දුකම දුක පොත් කියෙව්වා. ඒ හැම කතාවක්ම කොහොම ඉවර උණත් නිශාන්ති ඇඬුවා.














නිශාන්තිට ඕනේ උනේ ලෝකෙන්ම හැංගෙන්න. අම්මලාට කියලා කියලා ගෙවල් විකුණලා එයාලා ඈත පළාතකට ගියා. කිසිම දන්න කෙනෙක් එහේ හිටියේ නෑ. නිශාන්ති අළුත් ජීවිතේට පුරුදු උනේ අන්තර්ජලයෙන් හස්ත භාෂාව ඉගන ගනිමින්. අම්මලාටත් ඒක එයා කියලා දුන්නා. හැමදාම අසංකව මතක් උනත් අමතක කරන්න ඕනේ නිසා කිසිම සම්බන්ධතාවයක් තියාගත්තේ නෑ. එයා ඉන්ටර්නෙට් එකේ හිටියේ රහසිගතව. ෆේස්බුක් ප්‍රොෆයිල් එකත් වහලා දාලා හිටියේ. 

කාලයක් ගෙවුනා. නිසංකාගේ යාලුවා තාරිණී නිසංකාව හොයලා හොයලා අන්තිමේදී දවසක් ගෙදරටම හොයාගන ආවා. නිශාන්ති සතුටු උණා තාරිණී ආපු එකට. ඒත් කතාව පටන් ගන්න කොටම නිශාන්ති තාරීණීට කිව්වේ  අසංක ගැන මුකුත් කියන්න එපා කියලා. ඒ වගේම එයාට වෙච්ච දේ අසංකටත් කිසිසේත්ම කියන්න එපා කියලත් නිශාන්ති කිව්වා. ඊට පස්සේ ඉඳ හිට තාරිණී එයාව බලන්න ආවා පොත් අරගන. ඒත් කවදාවත් නිශාන්තිට අසංක ගැන තොරතුරක් ලැබුනේ නෑ. 

අවුරුද්දකට පස්සේ තාරීණී ආවේ සුදු ලොකු ලියුම් කවරයක් අරන්. ඒක මගුල් ගෙදරකට ආරාධනා පත්‍රයක්. ඒක දිග ඇරපු නිශාන්තිගේ ඇඟ සීතල උනා. කකුල් වෙව්ලුවා. පපුව හිරවුනා. මනමාලයා "රන්කොත් මුදියන්සේලාගේ අසංක ගුණතිලක". අසංක බඳිනවා! එයාට දැනුනේ සතුටක් එක්ක දුකක්. කවුද මනමාලි? ඇය මනමාලිගේ නම කියෙව්වා.  නිශාන්තිගේ ඇස් ආයෙත් උඩගියා. මනාලියගේ නම "මහගම ආරච්චිගේ නිශාන්ති ගොඩමුදුන". පුදුම වෙලා ඇය මනමාලිගේ නම දෙතුන් පාරක් කියෙවිවා. ඒ නිශාන්තිගේ සම්පූර්ණ නම. පුදුම වෙච්ච ඈ ඔලුව උස්සල බැළුවේ තාරීණීගෙන් මොකද්ද මේ වෙන්නේ කියලා අහන්න.

තාරීණී වෙනුවට එයා ඉදිරියේ හිටියේ අසංක. අසංක නිශාන්තිගේ ඇස් දෙක දිහා බලාගන හිනාවෙනවා ඉස්සර වගේ. "නිශාන්ති, මම අවුරුද්දක් ඔයා වෙනුවෙන්ම හස්ත භාශාව ඉගන ගත්තා. ඒ ඔයාට වෙච්ච පොරොන්දුව කවදාකහරි ඉෂ්ඨ කරන්නයි. මම ඔයාට ආදරෙයි! දැන් මට ඔයාගේ කටහඬ වෙන්න දෙන්න" අසංක කිව්වේ හස්ත භාෂාවෙනුයි. ඊට පස්සේ ඔහු වෙන මොකුත්ම නොකියා. නිශාන්තිගේ වම් අත අරගන  මැඳගිල්ලට රන් මුදුවක් දැම්මා. 

නිශාන්තිට මොනවාවත් හිතාගන්න බැරිඋනා. නිශාන්ති කඳුළු ගලන මූණ අසංකගේ පපුවට හේත්තු කරගත්තා. එහෙම ඉඳලා විනාඩි තුනකට විතර පස්සේ ඇය හිස ඔසවා, අසංකගේ මූණ දිහා බැළුවා. කාලෙකට පස්සේ එයා හැමදාම දකින්න පෙරුම්පිරුව අසංකගේ ආදරණිය ඇස්දෙක එයා දැක්කා.  අසංකගේ  ඇස්දෙක දිහා බලාගෙන ඇය මූණ පුරා හිනා උනා.

නිරංජන් මීගම්මන

හැමදාම ලංවෙලා ඉන්න ඕනේ අයට ඈත් වෙන්න හුඟක්‌ උත්සාහ කරන්න වෙනවා. ඒත් බෑ.

Poornima Meegammana

June 04, 2013

සමාජ අන්තර්සඹඳතා වල අනාගතය : Future of Engagement # 1


ලෝකයේ සමාජ මාධ්‍ය සහ සමාජ ජාලවලින් අනාගතයේ ගොඩ නැගෙන ලෝකයට සිදුවන බලපෑම ගැන ගවුරවු මිශ්‍රා (Gaurav Mishra),  පැස්කල් බියුකල් (Pascal Beucler) සමග නිධි මුකිජා(Nidhi Makhijaයන විද්වතුන් කළ පර්යේශණයක වාර්ථාව තුලින් උපුටා ගන්නා මේ කරුණු අපට ඉතා වැදගත් බැවින් සිංහල භාෂාවට පරිවර්ථනය කර ඔබට ඉදිරිපත් කරමි.  මෙය මූණුපොතේ බෙදාගන්න , කැමැත්ත ප්‍රකාශ කරන්න ගූගල් +1 කරන්න. අනාගත ලොකයේ සමාජ අන්තර්ක්‍රියා ගමන් මග ගැන දැන ගැනීම ඉන් ඵල නොලා ගැනීමට අපට අත්‍යවශ්‍යය.


පරිවර්ථනය සහ දේශීයකරණය නිරංජන් මීගම්මන
Translation & Localization Niranjan  Meegammana
කෙටියෙන් කියන්නේ නම් සමාජ සංවර්ධනය පිළිබඳව අපට ඇතිවන ප්‍රභල අන්තර්ඥාණයන් අනාගතයට වටිනා පෙරදැක්මක් දක්වා සංශ්ලේෂණය කරගැනීමට අප නව ක්‍රමයක් සොයාගත යුතුය. අපගේ සමාජ සංවර්ධන ප්‍රවේශයයන් අන්තර්ජාලයේ වියුණු පදනම තුල පුද්ගලික, සමාජයීය මෙන්ම ව්‍යාපාරික සන්නාම හා  බැඳුණු ජනඑකතුවක් (crowdsource) නිර්මාණය කිරීමට හේතුවේ. එම සමාජ ජාලා හා ජනඑකතුවද, සමාජ දත්ත, සමාජ ජාලා පුරවැසිභාවයන් හා විවිධාකාර තොරතුරැ ලබාදෙන කථාවස්තූන් තුලින්ද අනාගත සමාජමය එකඟතාවයන් සහ අන්තර්ක්‍රියාවන් කෙරෙහි මහත්වූ බලපැමක් වනු ඇත. 

එම සමාජ සඹඳතා තුල පවතින අන්තර්සඹඳතා, සමාජමය අනතර්ක්‍රියා හා එවන් සඹඳතා ගොඩනැගෙන රටාවන් හඳුනා ගැනීම තුලින් අනාගත සමාජ ව්‍යුහයන්, අවශ්‍යතා හා නව රටාවන් අවබෝධ කරගැනීමට අපට හැකිවේ. වසරකට වඩා කතුවරුන් විසින් විවිධ වියුණු පදනම්, සමාජ ජාල හා සන්නාම වැඩසටහන් ගැන කළ අධ්‍යයනකින් අනතුරුව අනාගතයේ සමාජ අන්තර්ක්‍රියාවන්(future of engagement)සිදුවන මායිම් 10 ක් හඳුනාගන ඇත.


 1. අනාගතය ලෝකය ජනතාව අයිතිය:
It’s a People’s World :

අනාගත ලෝකය මෙහෙයවනු ලබන්නේ සමාජ ව්‍යවසායයකයින් හා සමාජය වෙනස්කරන්නන් (Entrepreneurs and changemakers) විසිනි. සමාගම් හෝ ආයතන විසින් නොවේ. මේ සඳහා ආධාර(crowdfunding) සහ එකතුවීපරිහභෝජනය (collaborative consumption) යන සංකල්ප හේතුවේ. එමනිසා සමාගම් සහ ආයතන තම පැවැත්ම හා දියුණුව උදෙසා සමාජ ව්‍යවසායයකයින් හා සමාජය වෙනස්කරන්නන්ගේ සමාජමය ක්‍රමවේද ඉගෙන ගැනීමත් සහ ඒවා තම සමාජ අන්තර්ක්‍රියා උත්සාහයන් (own engagement efforts) කෙරෙහි යොදාගත යුතුවේ. 

 2. අනාගත ලෝකය සමාජ අව්‍යශතා මත දුවයි
It’s a Purpose-led World:
සමාජ අන්තර්ක්‍රියාවන් හා පුරවැසියන්ගේ පොදු අවශ්‍යතා මත අනාගත ලෝකය හැඩ ගැසේ. එනම් බිම් මට්ටමේ සමාජ වෙනස්කම් ඇතිකරන සහ එකතුවී සමාජ නව්‍යකරණයන් සිදුකරන ව්‍යාපාරයන් (grass roots change movements,collaborative social innovation) සමාජයේ ඉදිරි ගමනට මූලික වේ.
එමනිසා සෑම ආයතනයක්ම ඉතා ඉක්මණින් තමන් කුමන කරුණක් අරභයා සමාජයේ පවතින්නේද යන බව එකතුවී නැවත නිර්වචනය කරගනිමින් (collaboratively redefine), සමාජ අවශ්‍යතා පෙරදැරි කරගත් ව්‍යාපාර පදනමක් හා අනාගත වැඩසටහනක් නිර්මාණය කරගත යුතුය. (design  a purpose-inspired platforms and programs.)

 2. අනාගත ලෝක බැඳුම් රහිත ලෝකයකි:
it’s a Boundless World:

අන්තර්ජාලයේ සමාජ සඹඳතා හා අන්තර්ක්‍රියා නිසා ජනතාව තොරතුරු සඳහා සම්මත නාලිකාවන් කෙරෙහි අධික ලෙස (channel) බැඳී නොවතී. පෙරගමන් කරුවන් වන මාධ්‍ය ආයතන ඩිගිටල් නව්‍යකරණය තුලින් සම්ප්‍රේශිත මාධ්‍ය කතන්දරකරණය (transmedia storytelling), සමාජ ප්‍රතිකාරකරණය (social curation), සජීවී සමාජ අත්දැකීම් (social live experiences). ආයතන මේ නව පෙළගැස්ම උගත යුතු අතර නාලිකා මත බැඳී නොපවතින පදනම් සහ වැඩ සටහන් නිර්මාණය කල යුතුය. 

 3. එය සමාජමය ලෝකයකි:
It’s a Social World:


සමාජ සඹඳතා හා අන්තර්ක්‍රියා සමාජ තිරසාරභාවය (sustainability),සතුට සනීපය (wellness) හා දැනුම (learning) වැනි පොදු සමාජීය අවශ්‍යතාවන් මත සිදුවේ.  
මේ සඳහා ජනආධාර (crowdfunding), බිම්මට්ටමේ වෙනස්කම් සිදුකරන ව්‍යාපාර (grassroots change movements), එකතුවී සමාජ නව්‍යකරණය (collaborative social innovation) මෙන්ම ස්වකැමතැත්තෙන් ක්‍රියාකර ස්වකීය දියුණුවට හේතුවන හැසීරීම වෙනස්කරන ක්‍රීඩා (behavior change games) වල යෙදීමද , එකතුවී 
පරිභෝජනයද (Collaborative consumption) නව මායිම් වේ. 

මෙම පරිවර්ථනයේ දෙවන කොටස බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර Source :
http://gauravonomics.com/future-engagement/

June 01, 2013

අවුරුදු කුමාරි





දඩස් දඩස් ගාලා පාන්දර කෝච්චිය ගියේ පපුව උඩින් වගේ, එලාම් ඕනේ නෑ ඒකට තමා හැමෝම ඇහැරෙන්නේ. සුමාලි ඇස් ඇරියා බාගෙට, ආයේ වහගත්තා, විනාඩියක් හිටියා, මොහොතකින් ඇරියා, දෙපාරක් තුන්පාරක් එහෙම කරනකොට කොටස් වශයෙන් සුමාලිට ඇහැරුනා. පොරවාගත් රෙද්ද පහලටම ගිහින්, පුරුද්දට පෙරෙව්වට රස්නේ නිසා කකුල් හරිය තමා හැමදාම වහගන්නේ, මදුරුවෝ කනවට.සුමාලි ඇඳෙන් බැස්සට ලයිට් දැම්මේ නෑ,

හඳ එලිය තාම ජනේලෙන් එළිය කරනවා, කුමාරි අක්කා තාම ගොරව ගොරවා නිදි, එහා ඇඳේ දෙන්නත් එහෙමයි. උන්නං ඔලුවටම පොරවාගෙන, රස්නේ ගාණක් වත් නෑ, මදුරුවන් කාලා කැතවෙනවට වෙන්නැති.

ඇඳන් අතර තිබ්බ පුංචි තීරුව දිගේ ඇවිදලා සුමාලි කාමරේ දොර ලඟට ආවා. වතුර ජෝගුව අරගන දොර ඇරියා. හඳ එළිය කාමරේට දෝර ගලාගෙන ආවා. හීන් හුළඟට දැනුනු හීතලට සුමාලි ඇඹරුනා, ඇත්තටම හතර දෙනෙක් ඉන්න කාමර කෑල්ලට වැඩිය එලිය කොච්චර හොඳද? ටැප් එක ඇරපු සුමාලි ජෝගුවට වතුර පුරවාගත්ත්ත, ටැප් එකෙන්ම අත තියලා වතුර බීලා කටහෝදලා මිදුලට කෙල ගැහුවා.

එහා ගෙදර උයන සුවඳක් ආවා, සුමාලිට ගම මතක් උනා. අම්මා මේ වෙලාවට නැගිටලා උයනවා ඇති නංගිටයි මල්ලිටයි ඉස්කෝලේ ගෙනියන්න. තාත්තා කොහොමත් නිදි නෑනේ. සීයා ඉස්සරහ පිලේ බුලත් විටක් කොටනවා. මල්ලි වංගෙඩිය උඩ ඉඳගන, නංගි දොර ගාව, එයානම් පාඩම් කරනවා තේ හැදෙනකන්. පාඩම් කරනවා නෙමේ කරනවා කියලා අම්මට පෙන්නනවා, නැත්තම් බැනුම් නේ, ඒක නංගිට කියලා දුන්නේ සුමාලි. සුමාලි උසස් පෙළ කරලා ප්‍රතිඵල එනකන් ඉන්නේ. කැම්පස් නම් යැවෙන්නෑ, එකස්ටර්නල් තමා කරන්න හිතාගන ඉන්නේ සුමාලි.

හීටරේ පුංචි හින්දා දෙන්නට විතරයි සුමාලි වතුර තිබ්බේ, එයාටයි කුමාරි අක්කටයි. අර දෙන්නා වෙනම. තේ එක හැදීගන එනකොට කුමාරි අක්කත් ඇහැරිලා.
මෝනිං, කුමාරි අක්කා නින්දෙන්ම කිව්වා
මොනිං, ඔයාම සීනි දාගන්න මදිනං, සුමාලි තේ එක දෙන ගමන් කිව්වේ ආයේ පාරක් යන්න බැරි නිසා, හැමදාම කුමාරිට සීනි මදි,
කුමාරි ඇඳට නැගිටලා ඉඳගෙන, කකූල් දෙක වකුටු කරගත්තා, ඊට පස්සේ අම්මා හදලා දෙන තේ එක වගේ ඒක බිව්වා,
නංගි කවදද ගෙදර යන්නේ
පඩිදාට පහුවදා
පඩිදාට පහුවදා නිවාඩු නෑනේ
ඒ උනාට මම යනවා
ආපුවාම පඩි කපයි!
මම ආයේ එන්නේ නැනේ..
ඇයි බඳිනවද?
අක්කා කියන ඒවා, රිසලස් එනවා
ඉතිං!
මම ගෙදර නවතිනවා ක්ලාස් යන්න
අපරාදේ මම හදලා දුන්න රස්සාව
මම කිව්වනේ රිසලස් එනකන් කියලා
ඉතිං හවස යන්න පුලුවන්නේ
මට බඩු වගයක් ගන්න තියනවා
මං දන්නවා අවුරුදු කුමාරි වෙන්න නේද?
සුමාලි හිනාඋනා
ඊට පස්සේ අනිත් දෙන්නත් නැගිට්ටා, කාමරේ කලබල උනා, වට පිටාවෙත් සද්ද වැඩිඋනා, කපුටෝ කෑගහනවා
දෙන්නා ඈඳගෙන පාරට පැන්නා.
ෆැක්ටරියට අතේ දුර හොඳ ඒකයි
ඔයා අපරාදේ යන්නේ
ඇයි?
වැඩ හොඳයි කියලා සුපරවයිසර් කිව්වා
ඒ වුනාට තාම තනියම වැඩක් නෑනේ
ඔහොම තමා ඉස්සෙල්ලම නූල් කපන්න දෙන්නේ
ඊ ලඟට වාටි මහන්න ඊට පස්සේ බොත්තම්, කොලර්, අන්තිමේදී සම්පූර්ණ වැඩ,
මම තාම වාටිනේ
ඒක තමා සුපර් කිව්වේ
ඒ කොහොමද?
ඒයාලා දන්නවා වාටි මහනකෝට වැඩ හොඳද නරකද කියලා
හ්ම් .. මම අසා ගුරුවරියක් වෙන්න
දහම් පාසලේද බං
නෑ බාබර් සාප්පවක
දෙන්නම හයියෙන් හිනාඋනා
පාරේ කොල්ලොත් බැලුවා
දෙන්න හන්දියෙන් හැරුනා
අන්න අදත් ඉන්නවා,
අර හැමදාම ඉන්න කොල්ලා
එයා ඉන්නේ බස් එකටද නැත්තං අපි එනකන්ද?
ඌ බලන්නේ උඹ දිහා
නෑ අක්කා දිහා
මං දිහා බලනවානම් ඌ මෙලාකටත් මම දාගන
උඹ හිනාවෙයන් ඌට, ගොනා වගේ එයි පස්සෙන්
මට බෑ
මං දන්නවා අර ගමේ කොල්ලා ගැන නේද උඹේ හිත
සුමාලි ඇඹරුනා
මං දන්නවානේ උඹ රස්සාවට ආවෙත් එයා හින්දනේ

සුමාලිගේ හිත එක පාරටම ගමට ගියා. වැවෙන් නාලා සුමාලි කොණ්ඩය පැත්තකට දාගත්තා, ගවුම ටිකක් කොටයි, බාල්දිය එක අතක, අනිකේ සාලුව ගලින් ගලට අඩිය තිය තිය වැව් බැම්බට නැග්ගා. බැම්ම උඩ කුමාරයෙක් වගේ සුරංගයියා, බයිසිකලේ නවත්තගන බලාගෙන ඉන්නේ සුමාලි දිහා. නාලා එනකොට පහුගිය දවස් දෙක තුනේම මෙයා ආවා. මොනවා කියයිද දන්නෑ, සුමාලි අත මැදට කරගත්තා සාලුවෙන් ගවුමේ කොට වැහෙන්න.

හිච්චි මැණිකේ නංගී නාලා වගේ.
සුමාලිට නෑයෝ ඔක්කොම කියන්නේ හිච්චි මැණිකේ කියලා, සුමාලි කෑල්ල ගමට මොඩ් වැඩියි වගේ.
අයියා කොහෙද යන්නේ? සුමාලි එහෙම ඇහුවේ මෙයා අහුලන්නේ හොරගල් බව දැනගනමයි, ඒ වුනාට සුරංග අයියා එනවට සුමාලි කැමතියි.
නංගි අද නම් හරි ලස්සනයි!
සුමාලිට ඒ කථාව නම් බලපොරොත්තු උනේ නෑ, අම්මාවත් එහෙම කියලා නැ සුමාලිට. සුමාලිගේ ඇගේ ගිනි සැරයක් ගියා වගේ
තොල් වේලුනා, බාල්දිය බිම තිබ්බා, තාලෙකට කොණ්ඩේ අතින් පස්සට දාගන, ඔලුව පාත්කරගන සපරංගයියා දිහා බැලුවා
එයා තාම හිනා වෙනවා. සුමාලි තොල් පිට පෙරලුවා හිනා උනේ ටිකයි.

අයියාගේ කෝලම්
නෑ ඇත්තටම ඔයා ලස්සනයි
මං කියන්නේ බොරුනම් කන්නාඩියකින් බල‍න්න
නැත්තං මේ පාර අවුරුදු කුමාරි තරඟෙට ගිහින් බලන්න

සුමාලි ඒ පාර හිනාවෙලා ගෙදර ආවා. ඒ ආවේ අවුරුදු කුමාරි තරඟෙට යන්න හිතාගන. ගියපාර බයිසිකල් රේස් එකෙන් දින්නේ සුරංගයියා. සුමාලිලා පාරේ අයිනේ ඉඳලා කෑගැහුවා, වතුර ගැහුවා. සුමාලිට ගිය අවුරුද්දේ ටිවී එකේ අවුරුදු කුමාරි තරගේ සිහිවුනා

ගෙදර ආපු සුමාලි රෙදි වනන්නෙත් නැතිව කෙලින්ම දිව්වේ තාත්ත රැවුල කපන තැනට, වටපිට බලලා කැඩ්ච්ච කන්නාඩි කැල්ල ගත්ත සුමාලි එහෙට මෙහෙට හරවා මූණ, ලැම, නිතඹ , කොණ්ඩේ, පංච කල්‍යාණයම බැලුවා.
ටිකක් වෙලා ගියාම සුමාලිට පෙනුනේ අවුරුදු කුමාරිට ඇඳලා ඉන්න එයාවම. සුමාලිගේ හිතට විදුලි කොටනවා වගේ රූප එනවා
ඔන්න සුරංගයියා බයිස්කල් රේස් එක දිනලා , එයා අවුරුදු කුමාරි වෙලා , ටීවී එකෙනුත් ඇචිත්, පොටො ගහනවා, තෑගි දෙනවා, අන්තිමේදි තරුණි පත්තරේත් මුල් පිටුව සුමාලිගෙන් සැරසිලා
කඩාපන් ඕක හැඩ බලලා

අම්මා එහෙම කියනකොට සුමාලි ලැජ්ජාවෙන් ඇඹරිලා පිලිකන්නට දිව්වා, අම්මා බලාගෙන හිනා උනා වයස හරි එයා හිතන්නැති.
සුමාලිට තනිවම හිනා
අන්න අරූ උඹට හිනාවෙනවා
සුමාලි ආපහු පියවි ලෝකයට ආවා
ඇත්තමයි අර කොල්ලගේ කට කණේ
මං ඌට නෙවේ හිනා උනේ!
මටම හිනා ගියා ගමේ සිද්ධියක් මතක් වෙලා
ඒ උනාට මාසයක් ඔතන බලා ඉන්න ඒක ඇති
ඔයා දන්නවාද ඌ අර යතුර කරකවා කරකවා හිටියේ ඇයි කියලා?
නෑ!
ඌ ආවේ බයික් එකක හරි කාර් එකක හරි කියලා පෙන්නන්න
එහෙනම් බස් හොල්ට් එකේ ඉන්නේ
පෙට්රල් ගහගන්න වෙන්නැති,

කුමාරි අක්කා මහා හයියෙන් හිනා උනා, ආයෙමත් වට පිට මිනිස්සු බ‍ලනවා එයාට ගාණක් වත් නෑ. කුමරි සුමාලිගේ නැන්දගේ ලොකු දුව, එහා ගමේ හිටියේ, කොළඹ ගාමන්ට් එකකට ඇචිත් එයාට නගරේ හොඳට පුරුදුයි. දැන් අවුරුදු තුනක්, ප්‍රමෝෂන් ලැබි‍ලා හෙට අනිද්දම සුපර්වයිසර් කෙනෙක් වෙයි, එයා තමයි සුමාලිව ගාමන්ට් එකට ගත්තේ අත් උදව් කරන රස්සාවට. ඒ කියන්නේ ට්‍රේනිං

සුමාලි රස්සාවට ආවේ අවුරුදු කුමාරි තරඟෙට සල්ලි හොයාගන්න. මනමාලියෝ අන්දන බිංදු අක්කා හමුවෙන්න ගියාට පස්සේ තමා රස්සාවක් ඕනේ උනේ, එයා හිටපු අවුරුදු කුමාරියක්. අවුරුදු කුමාරි දිනන්න නම් මනමාලියෙකුට දාන මේකප් එකක් දාන්න ඕනේ, ලස්සන ඔසරියක් තමා, කර ටිකක් වැඩිපුර ඇරලා බඩ පේන පොඩි හැට්ටයක් අඳින්න ඕනේ, ඇඟට තදට ඔසරිය ඇරලා. අඩි උස සෙරෙප්පු දාලා තනි ඉරක තාලෙට ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ. ඔයා මේ බඩු ටික ගේන්න මම ඔයාව අන්දලා දෙන්නම්.

සුමාලිට අඩි උස සෙරෙප්පු කොහෙද? ඇඟලි වලින් ඇවිදින්න පුරුදු උනා එයා දෙකක් ගන්නකන්. දවසක් එයාට හම්බු උනා පරණ අඩි උස සපත්තු දෙකක්, ගෙදර කවුරුත් නැති වෙලාවක අම්මාගේ ඔසරිය ඇඳගන එයා අචුරුදු කුමාරි වෙන්න පුරුදු උනා, මල්ලියි නංගියි තමා නරඹන්නෝ, පස්සේ තමා සුමාලි දන්නේ, ඒ කතාව ගම පුරාම ගිගින්. මල්ලිගේ කට හොඳ නෑ.

ඊට පස්සේ සුමාලි කුමාරි අක්කත් එක්ක ගාමන්ට් එකේ වැඩට ආවා අවුරුදු කුමාරි වෙන්න ඕනේ බඩු ටිකට සල්ලි හොයා ගන්න. බිංදු අක්කටත් කීයක් හරි දෙන්න වෙයි, නැත්තන් එයා වෙන කෙනකුට අන්දයි. ඒ හින්දා සුමාලි ලියමක් දාලා බිංදු අක්කව බුක් කළා, කොල් කරලත් කිව්වා, එයාගේ ගාන 3000 යි. සුමාලිට ඕනෑවුනේ සුරංග අයියාට පේන්න අවුරුදු කුමාරි වෙන්නයි, එතකොට දෙන්නම දිනුම්, එදාට එයා මට ආදරෙයි කියයි, අම්මලත් කැමතිවෙයි, නෑදෑකමෙනුත් දුරින් මස්සිනා කෙනෙක්නේ සුමාලිට හිතුනා.

දවස ගෙවෙන්නේ හරි හිමිහිට, සුමාලි වැඩකරන ගමන් ඔරලෝසුව බැලුවා, හරියට තනට පඩි දෙන්න පටන් ගත්තා. සුමාලිට පඩි ලැබුනේ හතරට. හරිම සතුටයි, ජීවිතේ පලවෙන පඩිය. හතර හමාර වෙනකොට පාරට ආවා, කුමාරි අක්කා හමුඋනා, දෙන්නම ගියා ෂොපින්,

අම්මලාට තාත්තලාට බඩු ගන්නවාද?
මේ සල්ලි මදිවෙයිද දන්නෑ
ඉස්සෙල්ලා එහෙනම් උඹේ බඩු ටික ගනිමු, අපේ අවුරුදු කුමාරිනේ….

සුමාලිට ලැජ්ජා හිතුනා, ගමේ අයත් අවුරුදු කුමාරි කථාව දන්නවා, දැන් නම් තරඟෙට ගිහින් බෑ, මේ පාර ටීවී එකේත් ඒක යනවා
කඩෙන් කඩේට ගිය දෙන්නම අවුරුදු කුමාරි බඩු ගත්තා. බඩු මනමාලියෙකුටද කියලා කඩේ කොල්ලත් ඇහුවා. මල්ලිටයි නංගිටයි ටී ෂර්ට් , තාත්තට සරමයි, සීයට තුවායයි ඔන්න සල්ලි මදි උනා,

හරි වැඩේ සල්ලි මදි
කොච්චරක්ද ?
දෙසීයක්.
මං දෙන්නම්
බස් එකටත් මදි වෙයි
මම උඹට පන්සීයක් දෙන්නම් පස්සේ ගමු, දිනපුවාම සල්ලිත් හම්බු වෙනවා.
අනේ අක්කේ එපා
ගනින් ගනින් මට බොනස් ලැබුනා
අන්තිමේදී අම්මාට ගත්තෙත් පුංචි තුවායක්
දෙන්නා බොඩිමට ආවේ අතින් කටින් බඩු එල්ලාගන.
ඇඳ උඩ තියාගන බඩු තේරුවා.
ලස්සන රෙද්දක්! කොට්න් නේද?
මගුල් ගෙදරකටද?
කාමරේ අනිත් දෙන්නා කිව්වා
සුමාලි හිනාවුනා විතරයි.
කුමාරි අක්කා හිනාවෙවී අතීත කථාවම කිව්වා
මේ ඔසරියයි, හැට්ට රෙද්දයි දෙකම වෙනම බෑග් එකකර දාමු
අතේම ගෙනිච්චේ නැත්තං පොඩි වෙයි.
අනේ අපට ඇඳලා පෙන්නන්නකෝ
කරදරේ වැඩිකමට සුමාලි කැමති උනා

තුන්දෙනාම එකතු වෙලා සුමාලිට ඇන්දෙව්වා. සුමාලි අන්තිමේදී කන්නාඩියෙන් බැලුවා. අඩි උස සපත්තු දාලා ඇවිද්දා. එයාට කන්නාඩිය ඇල්ලුවේ කුමාරි අක්කා. සුමාලිට මම අවුරුදු කුමාරි තමා කියලා හිතෙන තරමටම එයාවම කන්නාඩියෙන් පෙනුනා.
බිංදු අක්කා හරි, ඇඳුමයි , මේක් අප් තමා කැපිලා පේන්නේ, අනික සුමාලිගේ ඇඟත් හැඩයිනේ, පහුගිය මාස තුනේම සුමාලි රූප ලාවන්‍ය කලා, තරුණි පත්තර ඔක්කම කියව කියව සියලු දේම කළා. පැය ගනන් හඳුන් ගාගන හිටියා, කොමාරිකා කෑවා, සමන් පිච්ව චතුර බීවා, ව්‍යායාම කලා, දිනන්නම තමා එයාට ඕනෑ උනේ.

පහුවදා උදේම නැගිට්ට සුමාලි ගෙදර යන්න පිටත් උනා, බස් එක ගමට ලඟාවෙනකන් එයා දැක්කේ අවුරුදු කුමාරි හීනේ. බස් එකෙන් බහින කොට හචස තුනයි. වෙල අයිනේ ගුරු පාර දිගේ සුමාලි ඇවිදගෙන ගියා. අතරමගදි හමුවුනේ කිරි අම්මා. ඒ කිව්වේ පුංචිකාලේ එයාලව හදපු අත්තම්මා කෙනෙක්.






ගමේ ළමයිම හදලා වයසට ගිය අත්තම්මා කෙනෙක්. එයාට හැමෝම කිව්වේ කිරි අම්මා කියලා. බැඳලා නැති උනාට පුතෙකුත් හිටියා. එයා කොහොම ලැබුණද කියලා කවුරුත් දන්නෑ, මිනිස්සු කිව්වේ ඒත් හදාගත්ත දරුවෙක් කියලා. ලඟටම එනකන් කිරි අම්මා සුමාලිව ඇඳිනුවේ නෑ.

කිරි අම්මේ මං සුමාලි
මට දැන් ඇහැ පෙනෙනවා අඩුයි දුවේ
ඒ උනාට හිනාවෙන් මං හිච්චි මැණිකේ ඇඳිරුවා
අවුරුදු හොඳද කිරි අම්මේ
අනේ දුවේ උඹ දන්නේ නැද්ද?
ඇයි කිරි අම්මේ, සුමාලි ටිකක් කලබලෙන්
අනේ දුවේ අලියා ගහලා අපේ කොලුවා නැති උනානේ
මේ පාර කුඹුරු වැඩ කලෙත් නෑ
කන්නේ බොන්නෙත් අමාරුවෙන්
මං විතරයි ගෙදර, ලේලිත් මහ ගෙදර ගියා
අනේ මගේ කොල‍්ලා හිටියනම් මට මෙහෙම වෙන්නෑ....

කිරිඅම්මා පාත්වෙලා කිලිටි රෙද්දෙන් කඳුලු පිහදාගත්තා. සුමාලිට කිරි අම්මා එයාට කථා කියනවා මැවිලා පෙනුනා.
ඕන් දුවේ එහෙම තමා ගැමුණු කුමාරයා කොත්මලේ කලු මැණිකේට ආදරේ උනේ, පස්සේ ඉතින් අක්කයි නංගියි දෙන්නම කැන්දන් ගියා බිසෝ මාලිගාවට, ඉතින් කිරි අම්මේ ඒ දෙන්නගෙන් අග බිසව උනේ කවුද? නංගි අග බිසව කරගන්නේ නෑ නේද?
ඕං පැහිච්ච කථා කියනවා, මං කොහොමද දන්නේ ඒක.
කිරිඅම්මා සුමාලිගේ ඔළුව අතගාලා හිනා උනා

සුමාලිට ආයේ පියවි ලෝකයට එනකොට, කඳුලු පිහදාපු කිරිඅම්මා එයා ඉස්සරහ හිටගන ඉන්නවා.
ඊට පස්සේ
මං යඤ්ඤං දුවේ කියලා උනදෑ යන්න ගියා.
සුමාලි ගල් ගැහිලා බලාගෙන හිටියා
කිරි අම්මේ ඔහොම චූට්ටක් ඉන්න
කිරි අම්මා හැරුණා
සුමාලි එයා ලඟට ගියා
කිරි අම්මේ මේක ගන්න

අවුරුදු කුමාරි තරඟෙට පරිස්සමෙන් ගෙනාපු හැට්ට රෙද්දයි, ඔසරි රෙද්දයි කිරිඅම්මාට දුන්නා. පර්ස් එක ඇරලා බිංදු අක්කට දෙන්න තියාගත්ත සල්ලි කවරෙත් ගත්තා, ඒකත් දුන්නා, බිමට නැමි‍ලා දණ ගහලා වැන්දා,
මගේ හිච්චි මැණිකෙට තුණුරුවන්ගේ සරණයි, තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි, ආරස්සාවයි, යන ගමන, එන ගමන කරන කියන රැකියාවල් … කිරි අම්මා නොනවත්වා පිං දෙනවා.
සුමාලි නැගිට්ටා
කිරි අම්මේ මං ගිහින් එන්නම්
උඹ අවුරුදු කුමාරියක් වගේ දුවේ
කිරි අම්මා අවුරුදු කුමාරි ඇඳුම් අරගන යන්න ගියා.
සුමාලි ඇත්තටම අවුරුදු කුමාරියක් වගේ සැහැල්ලුවෙන් ගෙදර ගියා.
එච්චරයි!





රචනය නිරංජන් මීගම්මන
www.shilpasayura.org

ලංකාව තියන තැන

ලංකාව කියලා පටන්ගන්නේ අපි ජීවත්වෙන භූමියට නම් ගණනාවක් භාවිතා වෙන නිසාය. ඒ සෑම නමකම කිසිසේත් වෙනස් නොවන ගූගල් වල පවා සෙවීමට හැකි ඒකීය යතුරු පදය නම් "ලංකාව" යන්නයි.

ලංකාවට ආසන්නම නමක් ඇත්තේ මැලේසියාවේ "ලංකාවී" නැමැති කුඩා දූපතයි. කුඩා උවත් එය සම්පූර්ණ දිවයිනක්. දිය ඇලි, ජල ධාරා, උස කඳු, පාතාල හා බහූ ජාතික ජනගහණයක් යන එන සුන්දර තැනකි. නමුත් ලංකාව ඒකීය රටකි, දූපතකි. 




ලංකාවේ නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයයි.

එක් එක් පදයේ තේරුම අරගත් කළ ලංකාව ශ්‍රී විභූතියෙන් යුක්තය. ඇත්ත. වසර දහස් ගණනාවක් තිස්සේ අප රැකගෙන එන පරිසරය, ජලය, ගහකොල සතා සිව්පාවා හා අතීත නටඹුන් කෙමන් විනාශයට යමින් තිබුණත් අපට ශ්‍රී වේ.


ප්‍රජාතන්ත්‍රවාදී
යන්නට විවිධ සමාජ කණ්ඩායම් අතර විවිධ මත පවතින නිසා එක් එක් අය එය දකින කෝණයන් නිසාත් සරලව බැඩි බලය ඇති අයකුට පාලනය ලබාදී කියා කියන්නටත් වැඩි දෙනාගේ කැමැත්ත පරිදි පාලනය වීමත් හඳුන්වන්නට පුලුවන්.

සමාජවාදී යන්නෙන් අදහස් කරන්නේ සමාජය කෙරෙහි වූ දයාව හා කරුණාව අපට වැදගත් බවය.

ජනරජය 
යන්න ජනතාව විසින් රජයක් පිහුටුවීම යන අරුත දේ ලොව බොහෝ රටවල් ජනරජය යන අරුත භාවිතා කරයි. ජනරජය යන පදය ඉතාමත් ශක්තිමත් ප්‍රකාශණයක් වන අතර එය කාලයේප්ලේටෝ විසින් රචිත "ද රිපබ්ලික්" යන ග්‍රන්තයේ අරටුවයි.

http://en.wikipedia.org/wiki/The_Republic_(Plato)



"ද රිපබ්ලික්" දේශපාලන විද්‍යාව හැදීරීමේ මූලික ග්‍රන්තයකි.

The Republic (Greek: Πολιτεία, Politeia) is a Socratic dialogue, written by Plato around 380 BC, concerning the definition of justice and the order and character of the just city-state and the just man.

සොක්‍රටීස් සංවාදයන් ඇසුරෙන් ක්‍රි. පූ. 380 (බු.ව. 100 ටපසු) නීතිය, පාලනය සහ යුක්තිගරැක රාජ්‍යයක හා යුක්තිගරුක මිනිසා නිර්වනය කරයි. ජනරජය"පොත අද දක්වා දර්ශනය හා දේශපාලන සිද්ධාන්ත පිළිබඳව ලියවී ඇති අනර්ගතම ග්‍රන්තය ලෙස සැලකේ. සොක්‍රටීස් ඇතීනියානුවන් සහ විදේශිකයින් සමග නීතියේ තේරුම සංවාදයට හා පරීක්‍ෂණයකට ලක් කරන්නේ "යුක්තිගරැක මිනිසා යුක්ති ගරැක නොවන මිනිසාට වඩා සතුටින් සිටින්නේද නැතිනම් අසතුටින් සිටීද?" යන බවය.

ඒ 
 සංවාද සඳහා ඔවුන් එකල්හි පැවති දර්ශනවාදී රජවරුන් පාලනය කල කල්ලිපොලිස් නගරය ඇතුලු එකල්හි කට වහරට හෝ පැවතුන නගර මාලවක රාජ්‍ය පාලනවල ස්වභාවයන් විග්‍රහ කළහ.

Socrates along with various Athenians and foreigners discuss the meaning of justice and examine whether or not the just man is happier than the unjust man by considering a series of different cities coming into existence "in speech", culminating in a city (Kallipolis) ruled by philosopher-kings; and by examining the nature of existing regimes.


ඔවුන් සංවාද කල කාරණා වූයේ රාජධානියේ බිහිවීමේ සිද්ධාන්ත, ආත්මයේ අමරණීය බව, සමාජය තුළ දර්ශනවාදීන්ගේ කාර්ය භාරය සහ එක් එක් රාජධානියේ කාව්‍ය පිලිබඳවය.  The participants also discuss the theory of forms, the immortality of the soul, and the roles of the philosopher and of poetry in society. 


ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස අපට විරැදාවලිය ලැබෙන්නේ මන්නාරම හා හලාවත ආශ්‍රිත මුතු කර්මාන්තය නිසා වෙන්නට ඇති.

වාල්මිකී රචනා කළ රාමායණයේ සඳහන් වන ලංකාද්වීපය අප ජීවත්වන ලංකාව බවට ඇති ජන ප්‍රාවාදයකි. පුරාවිද්‍යාත්මක සාධක මගින් එය පූර්ණව සනාථ වී නොමැත.


මැලෙසියාවේ උතුර‍ දෙස පිහිට ලංකාවී දූපතට ආසන්නයේද රාමායණය වැනි කතාවක් පවතී. එයද රාජ බිසොවක් පැහරගන යාම නිසා ඇතිවූ යුද්ධයක් ගැනය.

http://en.wikipedia.org/wiki/Ramakien



ග්‍රීක කවිකාර හෝමර් විසින් රචනා කල ඉලියඩ් කාව්‍යයේ පැරිස් කුමරු ස්පාටාවේ හෙලන් බිසව ට්‍රෝජනයට පැහැරගෙන ඒම,ට්‍රෝජන් වරුන් ලී අශ්වයාගෙන් උපායකින් පරාද කර නැවත හෙලන් බිසව ස්පාටාවට ගෙන යනයාමද මීට සමානය. එකම ආකාරයේ ජනප්‍රවාද ‍ලෝකයේ විවිධ තැන්වල පවතී.


http://en.wikipedia.org/wiki/Trojan_war


ලංකාව තනිව නොව ලෝකයේ කොටසක් ලෙස පිහිටා තිබෙන බවට මේ කරුණු සළකා බලන කල අපට පෙනේ.

එකම ලෝකයක අප එකම හිරුගෙන් ශක්තිය ලබමු. එකම සඳක් පායනු බලමු. එකම අහසක් යට සිටිමු. එකම සාගරකින් බැඳී සිටිමු. අපෙන් ලොවටත්, ලොවෙන් අපට දැනුම, තොරතුරු, ආහාර පාන, තාක්‍ෂණය සහ ණය ලැබේ. අපි ලොවටම තේ පොවමු. අපේ නිමි ඇඳුම් ලොවටම යවමු. අපේ පුරවැසියෝ ලෝකයේ සේවය කරති. අප සැවොම ලෝකයට කැමතිය. ලෝකය අපට වැදගත්ය. ලෝකයට අපද වැදගත්ය. 


ලංකාව තියෙන්නේ ලෝකයේය. 
ලංකාවේ පුරවැසියන් වන අප සැමම ලෝක පුරවැසියන්ද වෙමු.
ලෝක පුරවැසියකු ලෙස ලෝකයම අපේය. ලෝකය සමග මිස තනිව ජීවත්වීමට අපට බැරිය.

අප ගරු කලයුත්තේ ලෝක ධර්මතාවයන්ය. එම සංහිඳියාවන්ය. විවිධ ජාතීන් වෙසෙන මේ කුඩා දිවයින ලෝකයේ පවතින රටක් ලෙස සිතුවහොත් පමණක්ම අපට ඉදිරිගමණක් වේය. 
එමනිසා ලෝක පුරවැසියකු ලෙස සිතමු. එලෙස වැඩ කරමු. ලෝක පුරවැසියකුට ලෝකයම තම භූමියයි.




ලෝක පුරවැසියකු වන්නට ඔබටද හැකිය. ඒ සඳහා කළ යුත්තේ ලෝක පුරවැසියෙකු ලෙසට තමාව මෙන් අන් අයද පිළිගැනීම පමණකි.

May 28, 2013

Can Sri Lanka Youth Win Adobe - UNICEF Global Media Challenge ?

First Time in Sri Lanka 3 Creative Media Pieces by Sri Lankan youth has reached Adobe-UNICEF Youth Media Award Finals. Now the voting has begun with Sri Lanka leading in Photo essay, Social Poster & Video Project sections. Sri Lanka youth need every Facebook Like, Share, Tweet and Retweet they can get as each count as a vote for their creative media.

As the audience you have the power to make Sri Lanka win. You can grant 3 clicks to help them to reach their goal to become world class young creative professionals, in which you will be a stakeholder.

The 3 Creatives by Sri Lanka

Pick your gift Download the Child Soldier Short Film Here!

YOU, the audience, has the power to decide who the lucky winners will be.  Enjoy Your Power.AYV Team Sri Lanka.

www.kandy-youth.org

May 07, 2013

3 Sri Lankan Youth Media Projects into Adobe Aspire Award Finals


Adobe Aspire Awards Finalists
YOU hold the power to decide the lucky winners.

21st Century Girl

Click to Vote Give 3R for Women



Click to Vote YES Film Project

Click to Vote









Vote with a FB Like, Share , Tweet the Link or Retweet ....

April 30, 2013

ශ්‍රී ලංකාවේ පෝස්ටර නිර්මාණයක් Adobe Awards අවසාන වටයට

3R - Basic Needs for Women empowerment
The youth inquiring into what are the fundamental needs for Women empowerment found giving rights, responsibilities and respect from the world. They ask the viewer to empower one women says the poster.


Like and Share to make Sri Lanka Win!


http://youthvoices.adobe.com/awards/finalists/51675b1d8d536269be00010e

April 18, 2013

සමන් පිච්ච මල් ඉහිරුණු





සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්‌ටනියක්‌
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්‌සනද රෑට

බකමූණෝ පියාඹතී
අනික්‌ කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලී ගෙන

මා වවුලෝ කෑගසතී

පළමු වන විජයබාහු රජතුමා




පළමු වන විජයබාහු වශයෙන් සලකනුයේ ද මෙම රජතුමා ය. දකුණු පළාතේ මුල්සල නම් පෙදෙසේ මුගලන් නමැති පියෙකුට හා ලෝකියා දේවි නම් මාතාවකට දාව බිහි ව ඇති මෙතුමා කුඩා අවදියේ සිට ම අභීත කමින් පිරිපුන් වීර චරිතයකි.

"තුන් සිංහලය එක්‌සත් කරමි යි" හැඟුමෙන් කටයුතු කළ මෙම රජතුමා ඊට මවුපියන් ගෙන් අවසර පැතුව ද එය නොලැබුණෙන් නිවෙස හැරගොස්‌ සතුරන් ජයගෙන පොළොන්නරුව රාජධානිය කොට ක්‍රි. ව. 1065 වර්ෂයේ දී රජකම ට පත්විය. රාජාභිෂේක ලද මෙ තුමා තම රාජධානිය වටා දිය අඟලක්‌ තනවා ඒ වටා ප්‍රාකාරයක්‌ ද කරවී ය. ශාසනයේ දියුණුවට මහගු මෙහෙයක්‌ ඉටු කළ විජයබා රජතුමා බුරුම දේශයෙන් ද භික්‌ෂූන් ගෙන්වා සෑම නිකායක ම භික්‌ෂූන් ට සිව් පසයෙන් උපස්‌ථාන කළේ ය. දළඳා මැදුරක්‌ ද ඉදි කරවා පාළි භාෂාවෙන් වූ පොත පත සිංහලයට පරිවර්තනය කිරීමට සහයෝගය දක්‌වනු ලැබීය.

එ පමණකුදු නොව මෙම රජතුමා දක්‌ෂ කවියෙකු විය. කවි ලියන්නන් ට ද අනුබල දුන් මෙ තුමන් ගේ සමාජ සේවය ඉතාමත් ඉහළ ය. චසර පනස්‌ පහක්‌ පමණ ආයු වැළදූ මේ විජයබා රජතුමා අනාගත රජවරුන් ට දුන් ආදර්ශය ශ්‍රේෂ්ඨ ය.

ගොයම් වරුණ





වරම් ගතිමි ඉර සඳ අතින් වරම්
වරම් ගතිමි මිහිතක්‌ දෙවි අතින්වරම්
වරම් ගතිමි සක්‌වළ දෙවි අතින්වරම්
වරම් ගොයම් රකිනා දෙවි අතින්වරම්

අලංකාර කෙත සැදුවේ රජවර
සයංජාත රත්ඇල් ගෙනගොඩකර
සුදම් දිවිය පුරයක්‌ වැනි හැමවර
ගොයම් සැදුණු සැටි අසනුයවිස්‌තර

ඉන් එක්‌ දවසට අඳුරක්‌සේමැයි
පෙම් කෙළ දිය යට පැළ මතකු වමයි
වන් පැළ මුතකු ඇට සේම දිලීමයි
තකුන් දවසට රන් ඉදිකුසේමයි